Sunday, August 16, 2015

Election FM දැන් රජරටට

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නවතම ගුවන්විදුලි සේවාව වන Election FM සිය ආවරණ කළාපය අද සිට උතුරුමැද දක්වා පුළුල් කොට තිබේ.කරගහතැන්න ප්‍රතිවිකාශය ඔස්සේ 107.5 MHz  න් මාතලේ,මහනුවර,කුරුණෑගල,මහියංගනය,අනුරාධපුර,පොළොන්නරුව,ත්‍රිකුණාමලය,පුත්තලම,මන්නාරම,අම්පාර ඇතුළු ප්‍රදේශ රුසකට මේ මඟින් Election FM ශ්‍රවණය කළ හැක.මෙවර මහ මැතිවරණය Election FM ආරම්භ වූයේ පසුගිය මාසයේදීය.
මීට අමතරව
107.3 MHz- කොළඹ
107.5 MHz- යටියන්තොට ඔස්සේ ද Election FM වෙත සවන්දිය හැක.

Saturday, August 15, 2015

MTV සිංහලෙන් සිව්හෙලයටම

MTV නාලීකාව සිංහල නාලීකාවක් බවට පත්වීමේ ආරංචි කනින් කොනින් පැතිර යමින් පවති.එය වඩාත් සනාථ කරමින් මේ වන විට MTV නාලීකාව සිය කාර්යාල දැන්වීම් සඳහා භාවිත කරන දැන්වීම් සිංහලෙන් විකාශය කිරිම අරඹා ඇත.සිය විකාශය පුළුල් කිරීමට අදාල දැන්වීම මෙන්ම මෙවර මැතිවරණ ප්‍රථිපළ විකාශයට අදාල දැන්වීම සිංහලෙන් පළ කරනුයේ MTV අනිවාර්යෙන්ම සිංහල නාලීකාවක් බවට පත්වීමේ පෙරමං ලකුණු පළ කරමිනි.
දැනට කොළඹ,නුවර,ඌව ආවරණය කරන MTV උතුරු මැද හා දකුණු පළාත ආවරණය පිණිසද UHF 53 සංඛ්‍යාතය මේ වන විට වෙන් කොටගෙන හමාරය.

බලය කාටද?

පාර්ලිමේන්තු මහ මැතිවරණය ළඟම එළඹේ.එහෙත් ඒ පිළිබඳව අප කතා නොකරමු.දේශපාලනයේ දී කුමන මත දැරුවද සැමවිටම අපගේ අරමුණ පක්ෂග්‍රාහී නොවී කටයුතු කිරිමය.
මාධ්‍ය අතර තරඟය එතරම් සුවිශේෂ නොවුවද දේශපාලන පොර පිටිය තරම් උණුසුම් බවට ලඟදීම පත්වන කරුණක් අප මෙසේ සටහන් කරමු.
ඒ CSN හා MTV අරගලයයි.
පසුගිය ජනාධිපති වරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටවූ පසු මෙරට ක්‍රිකට්  ක්‍රීඩා විකාශන අයිතිය නැවත ජාතික නාලීකාවට හිමිවිය.CSN හී ආදායම අවප්‍රමාණවී පසුගිය මාර්තු 01 වන දින එය වසා දමන බවටද ආරංචි පැතිර ගියේය.එහෙත් CSN ක්‍රමික වෙනසකට ලක්වී DW,CCTV නාලීකා වැඩසටහන් පැයේ පුවත් ආදි වැඩසහන් හදුන්වා දෙමින් තම විකාශය පවත්වාගෙන යාමට සමත්වූ අතර මෙවර මහා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ රුළ තිනෙත රූපවාහිනිය හා සමඟාමිව විකාශය කළ මාධ්‍ය බවටද පත්විය.
MTV ආයතනය ජනාධිපතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට දැක්වූ සහයෝගය මත නව සංඛ්‍යාත 9ක්,නව ගුවන්විදුලි සංඛ්‍යාත දෙකක්,pay satellite විකාශන බලපත්‍රයක් මෙන්ම ලොව පුරා විකාශය පවත්වාගෙන යාමේ බලයද හිමිවු බව මාධ්‍ය ඇසුරු කරන අපට එතරම් රහසක් නොවේ.එහෙත් MTV නාලීකාවේ විකාශන පරාසය පුළුල් කිරීම හා එහි නව ආරම්භය සිදුකිරීම මැතිවරණය නිසාවෙන් කල් දමන බවක් පෙනෙන්ට තිබේ.බොහෝදුරට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් අදාළ වැඩපිළිවෙළ ඉතා කඩිනමින් හා බාධාවකින් තොරව සිදුකළ හැකි බව විශ්වසනීය ආරංචි මාර්ග සනාථ කරයි.Y FM දැනට 105.2 නුවර හා නායබැද් සදහාද,105.4 නුවරඑළිය සදහා භාවිත කළද ඔවුනගේ කිසිදු ප්‍රචාරණ පටයක අදාල සංඛ්‍යාත පිළිබඳව සටහන් නොවීම එක්තරා ආකාරයක විමතියට කරුණකි.
CSN හට ක්‍රීඩා විකාශන අයිතිය යළිත් හිමි නොවුවද සන්ධාන ආණ්ඩුව බලයට පත්වී මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුවහොත් එය අනිවාර්යයෙන් MTV හට අභියෝගයක් වනු ඇත.දැනටමත් තිනෙත රූපවාහිනිය මෙලෙස CSN හා සමඟාමී කරනුයේ CSN තිනෙත සමඟ එක්කිරිමට දැයි විටෙක සිතිය හැක
එහෙත් MTV CSN ගමන අනිවාර්යයෙන්ම අගෝස්තු 17 න් පසු තීරණය වනු ඇත.අපි ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිමු.

දකුණ අමතක කළ සියත

Voice of Asia හී සියත TV,Real Radio,Kiss FM හා Universal Media Network හී වර්ණම් TV හා වර්ණම් FM දකුණු පළාත අමතක කොට දමා තිබේ.
සියත TV සඳහා ගොංගල සිට දකුණු පළාත ආවරණය පිණිස සංඛ්‍යාත ලබාදී තිබුණ ද ඒ පිළිබඳව දීර්ඝ කාලයක් අවධානය යොමුකොට නොමැත.

ජාතික නාලීකාවේ ආවරණය ප්‍රමාණවත්ද?

මෙරටට රාජ්‍ය මාධ්‍ය අතර ප්‍රබලතම හා ප්‍රමුඛතම විද්‍යුත් මාධ්‍ය වන්නේ ජාතික රූපවාහිනියයි.1982 වසරේ දී ජපන් රජයේ ආධාර උපකාර සහිතව මෙරටට ලැබුණු ජාතික නාලීකාව මෙරටට ප්‍රේක්ෂකයා සතු පොදු වස්තුවකි.
ජාතික නාලීකාව අරඹා දශක තුනකුත් ඉක්මවා තිබේ.එහෙත් ජාතික රූපවාහිනි සතු විකාශන පරාසය ඉක්මවින් සෙසු නාලීකා බොහෝ දුරට ප්‍රේක්ෂකයාට සමීප වී හමාරය.
නාලීකාවක් වඩාත් සමීප වන්නට එකි විකාශන පරාසය ප්‍රබල සාධකයකි.එහෙත් ජාතික රූපවාහිනිය නොපෙනෙන ප්‍රදේශ තවමත් ලංකාවේ සුළඹය.
ජාතික නාලිකාව ආවරණිත ආවරණ කලාප

පළාලි(E 21/E 23)
කොකාවිල්(E 8/E 43)
කොළඹ(E 39/E41/E52)
පදගල(E52)
දෙනියාය (E 39/E41)
ගොන්ගල(E46)
සූරියකන්ද (E11/E52)
නමුනුකුළ(E10/E52)
පිදුරුතලාගල(E5/E7)
ප්‍රයිම්රෝස්(E38)
හන්තාන(E10/E30)
හුන්නස්ගිරිය(E46)

විකාශන මධ්‍යස්ථාන 12 කින් ආවරණය සැපයුවද දිවයිනේම ප්‍රමුඛතම වාකාශනාගාර වන යටියන්තොට හා කරගහතැන්න කෙරෙහි රූපවාහිනිය සිය අවධානය යොමුකොට නොමැත.එසේම නමුනුකුළ විකාශන ධාරිතාව ප්‍රබල නොවන බැවින් නායබැද්ද කෙරෙහි ද අවධානය යොමුකිරීම වැදගත්ය.
ජාතික රූපවාහිනි ඔබට පැහැදිලිව නැරඹිය හැකිද?
ප්‍රදේශය සමඟ අපට දන්වන්න.

Friday, August 14, 2015

අද සිට FM TV SRI LANKA

අද සිට FM TV SRI LANKA බ්ලොග් අඩවිය ඔබ උදෙසා විවරවන බව සතුටින් දැනුම් දෙමු.face book මත 2012 අගෝස්තු මස 18 වන දින ඇරඹි fm & tv sri lanka සමූහය දැනට සාමාජිකයන් 12000 කින් පමණ සමන්විතය.
මෙරට විද්‍යුත් මාධ්‍ය නැවුම් තොරතුරු පිළිබඳව ඉතා කඩිනමින් සැමට පෙර ඔබ නොදත් තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප කැපවුනෙමු.
එලෙසම මෙම බ්ලොග් අඩවිය හරහාද නැවුම් තොරතුරු ඔබ වෙත ගෙන ඒම අපේ අරමුණයි.