Saturday, August 15, 2015

බලය කාටද?

පාර්ලිමේන්තු මහ මැතිවරණය ළඟම එළඹේ.එහෙත් ඒ පිළිබඳව අප කතා නොකරමු.දේශපාලනයේ දී කුමන මත දැරුවද සැමවිටම අපගේ අරමුණ පක්ෂග්‍රාහී නොවී කටයුතු කිරිමය.
මාධ්‍ය අතර තරඟය එතරම් සුවිශේෂ නොවුවද දේශපාලන පොර පිටිය තරම් උණුසුම් බවට ලඟදීම පත්වන කරුණක් අප මෙසේ සටහන් කරමු.
ඒ CSN හා MTV අරගලයයි.
පසුගිය ජනාධිපති වරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටවූ පසු මෙරට ක්‍රිකට්  ක්‍රීඩා විකාශන අයිතිය නැවත ජාතික නාලීකාවට හිමිවිය.CSN හී ආදායම අවප්‍රමාණවී පසුගිය මාර්තු 01 වන දින එය වසා දමන බවටද ආරංචි පැතිර ගියේය.එහෙත් CSN ක්‍රමික වෙනසකට ලක්වී DW,CCTV නාලීකා වැඩසටහන් පැයේ පුවත් ආදි වැඩසහන් හදුන්වා දෙමින් තම විකාශය පවත්වාගෙන යාමට සමත්වූ අතර මෙවර මහා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ රුළ තිනෙත රූපවාහිනිය හා සමඟාමිව විකාශය කළ මාධ්‍ය බවටද පත්විය.
MTV ආයතනය ජනාධිපතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට දැක්වූ සහයෝගය මත නව සංඛ්‍යාත 9ක්,නව ගුවන්විදුලි සංඛ්‍යාත දෙකක්,pay satellite විකාශන බලපත්‍රයක් මෙන්ම ලොව පුරා විකාශය පවත්වාගෙන යාමේ බලයද හිමිවු බව මාධ්‍ය ඇසුරු කරන අපට එතරම් රහසක් නොවේ.එහෙත් MTV නාලීකාවේ විකාශන පරාසය පුළුල් කිරීම හා එහි නව ආරම්භය සිදුකිරීම මැතිවරණය නිසාවෙන් කල් දමන බවක් පෙනෙන්ට තිබේ.බොහෝදුරට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් අදාළ වැඩපිළිවෙළ ඉතා කඩිනමින් හා බාධාවකින් තොරව සිදුකළ හැකි බව විශ්වසනීය ආරංචි මාර්ග සනාථ කරයි.Y FM දැනට 105.2 නුවර හා නායබැද් සදහාද,105.4 නුවරඑළිය සදහා භාවිත කළද ඔවුනගේ කිසිදු ප්‍රචාරණ පටයක අදාල සංඛ්‍යාත පිළිබඳව සටහන් නොවීම එක්තරා ආකාරයක විමතියට කරුණකි.
CSN හට ක්‍රීඩා විකාශන අයිතිය යළිත් හිමි නොවුවද සන්ධාන ආණ්ඩුව බලයට පත්වී මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුවහොත් එය අනිවාර්යයෙන් MTV හට අභියෝගයක් වනු ඇත.දැනටමත් තිනෙත රූපවාහිනිය මෙලෙස CSN හා සමඟාමී කරනුයේ CSN තිනෙත සමඟ එක්කිරිමට දැයි විටෙක සිතිය හැක
එහෙත් MTV CSN ගමන අනිවාර්යයෙන්ම අගෝස්තු 17 න් පසු තීරණය වනු ඇත.අපි ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිමු.

No comments:

Post a Comment